ගතවූ පැය 24 ක කාලය තුල දිවයින පුරා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1716 ක් වූ අතර ඉන් ආසාදිතයන් 334 දෙනකුම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
මෙම කොරෝනා ආසාධිතයින්ගෙන් 77 දෙනකු රෝහල් මගින් සිදු කළ පරීක්ෂාවලින් සහ 257 දෙනකු දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්ෂේත්‍රයේ සිදු කළ පරීක්ෂාවන්හිදී හමුව ඇති.
මේ අතුරින් 55 දෙනකු වන වැඩිම ආසාදිතයින් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද , මහර කොට්ඨාසයෙන් – 48 දෙනකු ද , දිවුලපිටිය – 35දෙනකු ද , අත්තනගල්ල – 34 දෙනකු ද , වත්තල – 26 දෙනකු ද , මිනුවන්ගොඩ , මීරිගම සහ රාගම යන කොට්ඨාසයන්ගෙන් 21 දෙනකු බැගින්ද , දොම්පෙ – 1දෙනකු ද , බියගම – 16 දෙනකු සහ මීගමුව කොට්ඨාසයෙන් 10 දෙනකු වශයෙන්ද හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
ඒ අතර, ආයෝජන මණ්ඩලය කලාපයට අයත් බියගම කර්මාන්තශාලාවලින් ආසාදිතයින් 7 දෙනකුද හමුව ඇත.