කුමන අභියෝග පැවතියද රටේ සංවර්ධන කටයුතු අඩාලවීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි

0
388

රුවන්පුර අධිවේගී මාර්ගයේ පලමු අධියරේ ඉදිකිරීම් කටයුතු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) දිනයේ ආරම්භ විය. පවතින වසංගත තත්වය හමුවේ වුවද කුමන අභියෝග පැවතියද රටේ සංවර්ධන කටයුතු අඩාල වීමට ඉඩ නොතබමින් සිදු කිරීම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජයේ වගකීම හා අරමුණ බව ගරු අග්‍රාමාත්‍යතුමා මෙම අවස්ථාවේදී සිහිපත් කරන ලදී. 2014 වසරේ සැලසුම් සකස් කර තිබූ ඉදිකිරීමට යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට පැල්මඩුල්ල දක්වා සම්පූර්ණ දුර කිලෝමීටර 73.9ක් වන අතර, මෙම අධිවේග මාර්ගයේ පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් 24.3 ක කොටසේ වැඩ කටයුතු කඩිනමින් නිම කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලුවගේ මහතා සඳහන් කළේය. දේශීය ඉදිකිරීම් සමාගමක් විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරන අතර ඒ සඳහා රුපියල් බිලියන 54.7ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබේ. මෙම අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු 2024 වසර වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here