ඉරාන ජනාධිපතිවරණයෙන් අල්ට්‍රා කොන්සර්වේටිව් පූජක ඊබ්‍රාහිම් රයිසි ජය ගනී

0
453


මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස අල්ට්‍රා කොන්සර්වේටිව් පූජකයෙකු වූ ඊබ්‍රාහිම් රයිසි (60) ප්‍රකාශයට පත් කර ඇත. ඔහු ඉරානයේ මීළඟ ජනාධිපති වනු ඇති අතර, එරට ජනගහනයෙන් සියයට 90 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර තිබූ බවත් සියයට 62 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් සිකුරාදා පැවති මැතිවරණයෙන් ඊබ්‍රාහිම් රයිසි ජයග්‍රහනය කර ඇත. ඉරානයේ ආගමික නායක 81 හැවිරිදි අයතුල්ලා අලි කමේනිගේ සමීපතයෙකු මෙන්ම එරට අධිකරණයේ ප්‍රධානියාද වන රයිසිගේ ජයග්‍රහනය පිලිබදව අඛණ්ඩව සිව් වසරක කාලයක් සේවය කර අගෝස්තු මාසයේදී ධුරයෙන් ඉවත් යන ජනාධිපති හසන් රුහානි පැවසුවේ ‘ජනතාවගේ තේරීම පිළිබඳව මම ඔවුනට සුබ පතන බවය. සිකුරාදා ඡන්ද විමසීමට දින දෙකකට පෙර අපේක්ෂකයින් තිදෙනෙකු තරඟයෙන් ඉවත් වූ අතර, එරට සිටි ජනප්‍රියතම ජනාධිපතිවරයෙකු වන මහමුද් අහමඩිනෙජාඩ් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමා චන්දය දීමෙන් වැලකී සිටින බවය.

තීරණාත්මක අවස්ථාවකදී ඉරානයේ ජනාධිපති ධුරය දැරීමට රයිසි සූදානම් වන මොහොතක ඉරානයේ ආර්ථික පසුබෑමට හේතුවී ඇති එක්සත් ජනපද සම්බාධක වලින් නිදහස් වීමට ද ක්‍රියාකල යුතුව ඇත. ඉරානය එක්සත් ජනපදය හා අනෙකුත් ලෝක බලවතුන් සමඟ න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කර ගත් නමුත් එවකට එක්සත් ජනපද‍යේ එවකට සිටී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදාල ගිවිසුමෙන් ඉත් වූ අතර ගනුදෙනුවේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති වූවද, පසුව ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපති වීමෙන් අනතුරුව ගිවිසුම පිලිබද සාකච්ඡා යලි ආරම්භ වි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here