ගිලෙන නැවෙන් පනින මීයන් සහ පරපෝෂිත දේශපාලුවන්

0
238

වර්තමානයේ රටේ උද්ගතව ඇති ආර්ථිකමය දේශපාලනික අර්බුද හමුවේ, දිනෙන් දින නැගිටින ජනතා විරෝධයත් සමග සුදනන් වෙන්නට දගලන තොත්ත බබාලා සහ වර්තමාන ආණ්ඩුවේ උද්දච්ඡ තකතීරු තින්දු තීරණ හා මරිමෝල් හම්පඩ නාකි වැඩබැරි හොර තක්කඩි ටික එකින් එකා ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙනවා යැයි කියා මේ කිනිතුල්ලන්, මැක්කන් සෙට් එක අලුත් බල්ලෙක් සොයා යාමට සූදානම්ව ඇත. එසේත් නැතිනම් ගිලෙන නැවෙන් මීයන් එකින් එකා පනිමින් සිටී. හැබයි නැව කාල කාලා හිල් කරේ මේ මීයන් බවද මුන් දනී.

ඒ අතර තවත් ඇම්බට්ටන් කිහිප දෙනෙකු ආණ්ඩුවට දෙහි කපමින් මේතාක් කල් ආණ්ඩුව සමග නිදිවදිමින් සිට දැන් බොරු ආරෝවක් මවා පාමින් ඇදිවතද උනා දමා මේ මොහොතේ ආණ්ඩුවට විරුද්ධව නැගී සිටින කණ්ඩායම් එකතු කරමින් උන්ගේ ආවේගය, නැගිටීම දියාරු කිරීමේ උත්සහායක නිරතවෙමින් සිටී. මෙහි පෙරමුන ගෙන කටයුතු කරනුයේ රුපියල් 100 ගානේ හිගාකාපු එකෙකුත්, ගමන් බලපත් වංචාවකට හසුවු අඹුවකගේ දයාබර සැමියෙකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here